ගිංතොට මහා විදුහල් මාතා

දකුණු ලක අග නගරය වූ ගාල්ල නගරයට නුදුරින් වෙරළාසන්නයේ පිහිටි මනරම් ගිංගඟ මිටියාවතේ ගිංතොට පුරවරය විදුහල් මෑණියන්ගේ නිජබිම වන්නීය. වර්තමානයේ ගිංතොට මහා විද්‍යාලය නමින් සුපතල විද්‍යාලය දැයට දස දහස් ගණනින් යහපත්, සමාජයට වැඩදායි දරුවන් දායාද කර ඇති බව හද බැඳි අභිමානයෙන් කිව හැකිය.
ද්විතීක අංශය යටතේ පමණක් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වන අතර, විවිධ ක්‍රීඩා ඉසව් මඟින් කලාපයේ හා ජාතික මට්ටමේ තරඟ රැසක් ජයග්‍රහණය කළ පාසල් කිහිපය අතර අප පාසලද ඉහළින් වැජඹේ.


