පෙති දෙපෙති වී කෙමෙන් වැඩුණු ගසක්,දිය පොහොර ලැබ,සරු සාරව වනස්පති වෘක්ෂයක් බදුව සාන්ද්‍රව අතු ඉති විහිදී වැඩී විශාල සමාජ පරාසයකට සෙවණ සදන්නාක් මෙන් ''ගිංතොට පාසල'' 1895 දී කටු මැටියෙන් තැනූ කුඩා ශාලාවක සිසුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වී ප්‍රදේශයේ ගම්මුලාදෑනි තැනගේ සහයෝගයෙන් සිසුන් තිස් දෙනෙකු ගෙන් සමන්විත වූ විට,අමරසූරිය පාසල් මණ්ඩලයට පවරා දීමෙන් පසුව,මුල් ගුරුවරයෙකු හා උප ගුරුවරයෙකු ගෙන් යුක්තව ඉගැන්වීම් කටයුතු ''ගිංතොට බෟෙද්ධ මිශ්‍ර පාඨශාලාව'' නමින් පවත්වා ගෙන,පසු කලක ''මහා විද්‍යාලයක්'',''ද්වීතියික පාසලක්'' ලෙසත්,වර්තමානයේ (ජාතික පාසලක්) දක්වා වූ සාඩම්බර ගමන් මාර්ගයේ නිර්මාතෘවරුන්
- පී.ජේ.සේරසිංහ මහතා සහ
- ඩබ්.ආර්.ඩී.අල්විස් මහතා
මෙලෙස දැක්විය හැක.(ලැබී ඇති තොරතුරු අනුව)