නියෝජ්‍ය විදුහල්පති පණිවිඩයගා/ගිංතොට මහා විද්‍යාලය |
|||
![]() |
![]() |
![]() |
![]() |
| එම්.ඩී. ප්‍රියදර්ශනී මිය | එන්. සුවිනීතා ගමගේ මිය | එච්.කේ. සඳමාලි කරුණාසේන මිය | එස්.එස්.එච්. නලින්ද්රනාත් මයා |
හිතවත් දෙමපියනි,ශිෂ්‍ය ශිෂ්යයාවනි,
ගා/ගිංතොට මහා විද්‍යලයේ වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් අපි අප පාසලේ අලුතින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය සඳහා අපගේ පණිවිඩය තැබීම මහත් භාග්‍යයක් ලෙස සලකමු.
බොහෝ අය අධ්‍යාපනය සලකන්නේ හොඳ රැකියාවක් ලබා ගැනීමට,මුදල් ඉපැයීමට සහ තවත් බොහෝ දේ සඳහා මාධ්‍යයක් ලෙසය.නමුත් එහි නියම අර්ථය වන්නේ කෙනෙකුගේ සිතුම් පැතුම් වෙනස් වී සමාජයේ,රටේ සහ ලෝකයේ යහපැවැත්ම සඳහා සිතන්නට පටන්ගත් විටය.සමස්ත අධ්‍යාපනයෙන් අදහස් කරන්නේ දරුවෙකුගේ සමස්ත සංවර්ධනය යන්න පාසල් ජයග්‍රහණ වලට පමණක් සීමා නොවී යහපත් හෙට දවසක් ගොඩ නැගීම සඳහා විනය ගරුක ජීවන රටාවක් සමග දරුවාට උරුම වූ දැනුම ලබාගැනීමට උපකාර කිරීමය.
එය මතකයේ තබාගනිමින් අපි සිසුන්ට වටිනාකම් පදනම් කරගත් අධ්‍යාපනයක් ලබාදෙන අතර,ජීවිතයේ සැම අංශයකින්ම ශාස්ත්රාලීය වශයෙන් මෙන්ම පෞර්ෂ වර්ධනය තුළද වර්ධනය වීමේ අවස්ථා ලබා දෙන්නෙමු.විෂයමාලා,ක්‍රීඩා ක්ෂේත්රයන්හි අපේ සිසු සිසුවියන් ඉතා උසස් මාවතකට පිවිසෙමින් සිටිති.
එමෙන්ම පාසල වෙනුවෙන් සෑම විටම මග පෙන්වන,විශ්වාසය ලබා දෙන අනුග්‍රහය දක්වන විදුහල්පතිතුමන්ට අපගේ අවංක ස්තූතිය පුද කරමු.පාසල වෙනුවෙන් නිරන්තර සුහදව සහයෝගය දැක්වූ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ස්තූතිවන්ත වන අතර පාසල උසස් තලයකට ගෙන ඒම සඳහා පාසලේදී දායක වන දායකත්වය සහ වැදගත් කාර්යභාර්ය පිළිබදව ගා/ගිංතොට ම.වි.(ජාතික පාසලේ) සියලුම සිසු සිසුවියන්ට ස්තූතිවන්ත වන අතර ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන දෙමාපියන්ද මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමු.
ස්තූතියි.
නියෝජ්‍ය විදුහල්පතිවරු
ගා/ගිංතොට ම.වි. (ජාතික පාසල)



