සිප්සත සමුදුර නැණ නැව් යොදවව්
ජයටැඹ දිස්වන වෙරළට පදවව්
පිබිදෙව් දිරිගව් නැගිටිව්
නොබියව වීරෝදාරව යව්//
සූරවීරයන් බිහිකල රුහුණේ
ගිං ගං කොමළිය ඇකයේ වැඩෙනා
ගිංතොට මහ විදුහල් මාතා
සමරමු ගයමින් ගුණ ගීතා //
විදු එළීයෙන් හෙළ අදුර නසා
දෙස බස රැස රැක පෙරමුණ ගන්නට
ගිං ගංගාවේ සිලි සිලි රාවේ
වේවා ජය රණ නාදේ //
හද මලසුන මත බැතිමල් අතුරා
පුද දෙමු සරණත ඔබෙ නම මතුරා
සිප්සත සමුදුර නැණ නැව් යොදවව්
ජයටැඹ දිස්වව වෙරළට පදවව්
පිබිදෙව් දිරිගව් නැගිටිව් //