විදුහල්පති පණිවිඩය
ගා/ගිංතොට මහා විද්‍යාලය
ලුතිනන් කර්නල් ඊ.එච්.රෝහිත නන්දසේන මයා

හිතවත් දෙමාපියනි,ශිෂ්‍ය ශිෂ්යයාවනි,
අපගේ පාසල් වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නේ මහත් සතුටිනි.
වසර 125 ට වැඩි සාඩම්බර අතීතයක් හිමි ගා/ගිංතොට මහා විද්‍යාලය 2021 වසරේ සිට ජාතික පාසලක් බවට සංවර්ධනය වීම මහත් අභිමානයකි.
එමෙන්ම අප පාසලේ සිසු සිසුවියන්ට උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීම සඳහා පාසලේ සහ ආචාර්ය මණ්ඩලයේ කැපවීම ගැන විදුහල්පතිවරයා වශයෙන් මම අතිශයෙන් සතුටට පත් වෙමි.
මාගේ නායකත්වය හා එකට වැඩ කරන කණ්ඩායමක් වශයෙන් අපි අපගේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අධ්‍යයන ජයග්‍රහණ ප්‍රවර්ධනය කිරීම උදෙසා පෙළ ගැස්වීමට කැපවීමෙන් වැඩ කරන්නෙමු.
අධ්‍යාපන වැඩසටහන් මෙන්ම ක්‍රීඩා,සංස්කෘතික හා වෙනත් ව්‍යාපෘති රාශියක් දියත් කිරීම සඳහා කාර්ය මණ්ඩලයේ ,ශිෂ්‍යයින්ගේ,දෙමාපියන්ගේ මහඟු දායකත්වය මෙන්ම ඒවායින් ජයග්‍රහණ රැසක් දිනාගත් පාසලකි.
එවැනි පුළුල් පරාසයක විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා යහපත් සහභාගීත්වය නිරන්තරයෙන් පිළිබිඹුවන අප පාසලේ සෑම සිසුවෙකුගේම යහපැවැත්ම සඳහා සතුට සහතික කිරීම වෙනුවෙන්ද අප සෑම විටම සැලකිළිමත් වේ.
එමෙන්ම අධ්‍යාපනයෙන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ දීර්ඝ හා ප්‍රතිලාභදායක ඉතිහාසයක් අප පිටුපසින් ඇති බැවින් ද,පාසල් ආදර්ශ පාඨය නිරන්තර සිහිපත් කිරීමෙන්ද, පාසල් ප්‍රජාව විශ්වාසය,අභිමානය සහ උද්යෝගය සමඟ එක්ව ඉදිරියට යති.
ස්තූතියි.
විදුහල්පතිතුමා
ගා/ගිංතොට ම.වි.(ජාතික පාසල)