• (+94) 912246132
  • gintota.mv@gmail.com

පරිසර නියමු ඒකකය

ශ්‍රී ලංකාවේ පාසල් තුළ පාරිසරික පුරෝගාමී බලකායන් පිහිටුවීම පහත සඳහන් අරමුණු ඇතිව 1980 දශකයේ මධ්‍යම පරිසර
අධිකාරිය විසින් සකස් කර ක්‍රියාත්මක
කරන ලද නව සංකල්පයකි:
පාරිසරික පණිවිඩය වැඩිහිටියන් සඳහා තම ගමේ හෝ නගරයේ ගෙන යාම

ඉතිහාසය:

 පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ 1986 දී මාලිගාවත්ත නව නගරයේ ප්‍රථම පාරිසරික පුරෝගාමීබලකාය

පිහිටුවන ලදී. 1987 දී එක් දිස්ත්‍රික්කයකට බැගින් පදනම්ව දිස්ත්‍රික් මට්ටමින් බලසේනා පිහිටුවීමට තීරණයකරන ලදී.

1992 දී පුරෝගාමී බලසේනා සංඛ්‍යාව දිස්ත්‍රික්කයකට හතර දක්වා වැඩි කරන ලදි. දැනට ඇති මුළුබලසේනාවන් සංඛ්‍යාව

223 කි. සෑම බලඇණියක්ම පුරෝගාමීන් 25 දෙනෙකුගෙන් (පිරිමි/ගැහැණු/මිශ්‍ර) සමන්විත වේ. පාසලකට

බලසේනා දෙකක් පිහිටුවීමට හැකිය (කණිෂ්ඨ හා ජේෂ්ඨ).

ඔබට පරිසර ගීතය මෙතැනින් ලබා ගත හැක

                                          https://youtu.be/vcfLnxzRPp
ගිංතොට මහා විද්‍යාලයේද පරිසර නියමුභට කණ්ඩායම සුවිසල් මෙහෙවරක් ඉටු කරයි.මෙම වැඩසටහන යටතේ
සිදු
කෙරෙන ක්‍රියාකාරකම් අතරට පාරිසරික ආරක්‍ෂාව සහ කළමනාකරණය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දීම,
කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ක්ෂේත්‍ර අධ්‍යයනයන් හා නිරීක්ෂණ චාරිකා වල යෙදීම,පුහුණුවීම් කිරීම,
අත්පත්‍රිකා සකස් කිරීම සහ අධ්‍යයන වාර්තා ඇතුළත් වේ. .මෙම වැඩසටහන මඟින් පරිසරය ගැන ‍උනන්දුව දක්වන
තෝරාගත් ළමයින්ට ප්‍රජාවට නායකත්වය සැපයීම සඳහා පුහුණු කෙරේ.

ගුරුමහත්මිය:විමලලතා මිය

එක් එක් ජයග්‍රහණ මට්ටමින් නියම කර ඇති අවශ්‍යතා සපුරාලන සිසුන්ට පහත සඳහන් පදක්කම් පිරිනැමේ.
(අ) පාරිසර නියමු (පාරිසරික පුරෝගාමී පදක්කම) 1 වන අදියර
(ආ) හරිත වර්‍ණ (හරිත පදක්කම) 2 වන අදියර
(ඇ) රජත වර්ණ (රිදී පදක්කම) 3 වන අදියර
(ඈ) ස්වර්ණ වර්ණ (රන් පදක්කම) 4 වන අදියර
(ඉ) ජනදිපති වර්‍ණ (ජනාධිපති පදක්කම) 5 වන අදියර