කැඩෙට් නිලධාරියෙක් යනු නිලධාරි පුහුණුවන්නෙකු හෝ අපේක්‍ෂකයෙකි. මෙම යෙදුම නිතරම භාවිතා කරනුයේ හමුදාවේ නිලධාරියෙකු වීමට පුහුණුවන්නන් සඳහාය. ජාතික කැඩෙට් යනු ශ්‍රී ලංකාවේ තරුණ සංවිධානයකි . ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුග්‍රහය දක්වයි.එය පාසල් වල ක්‍රියාත්මක වන අතර සාමාන්‍යයෙන් යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන අංශ ඇතුළත් වේ. ද්විතීයික පාසල් සිසුන්ට ස්වේච්ඡා පදනමින් විවෘත වන අතර නිලධාරීන් රජයේ ගුරුවරුන් වේ . පාසල් ශිෂ්‍ය භටයනට කුඩා අවි හා පෙළපාලි සඳහා මූලික හමුදා පුහුණුව මෙන්ම නායකත්ව පුහුණුව ද දෙනු ලැබේ. වත්මන් ගරු විදුහල්පති ලුතිනන් කර්නල් රෝහිත නන්දසේන ගුරු පියාණන්,ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුලීන් ලත් දැනුම, පුහුණුව,උසස් විනය උකහා ගනිමින් ලබා දෙන මනා පුහුණුව,ගිංතොට මහා විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමට ලැබෙන්නේ සුවිශේෂි දායකත්වයකි.ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන්නා වු දරුවනට ශිෂ්‍යභට පුහුණුව ලබා දෙන්නේ දෙමාපිය අවසරය මතයි.මෙහීදී කණ්ඩායම් හැගීම,නායකත්ව ගුණාංග,අන් සිසුන්ට ආදර්ශයක් වීම,දරාගැනීම,ආත්ම විශ්වාසය ආදි ගුණාංග ලබා දීම අප ශිෂ්‍යභට කණ්ඩායමේ අරමුණයි
|